දිනසේන රතුගමගේ –
ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කළ යාපනයේ විද්‍යාඥයෙකු වූ ආචාර්ය වෛත්තිලිංගම් තුරෙයිසාමි අද 18 ඇමරිකාවේදී මියගොස් තිබේ.
යාපනයේ කුප්පිලාන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු මියයන විට වයස අවුරුදු 90 කි.
1968 වසරේදී ඇමරිකාව විසින් අභ්‍යාවකාශ ගත කළ ඇපලෝ යානය නිර්මාණය කිරීමේදී වෛත්තිලිංගම් තුරෙයිසාමි අතින් විශාල කාර්යභාරයක් ඉටු වී තිබේ.
අභාවප්‍රාප්ත වෛත්තිලිංගම් තුරෙයිසාමි ගේ අවසන් කටයුතු ඇමරිකාවේදී සිදු කිරීමට නියමිතය.