අද පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව, මධ්‍යම, දකුණ, නැගෙනහිර, ඌව පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ත් වැසි ඇති වේ.
සුළි කුනාටු තත්වයක් වර්ධනය වීමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සහ නාවික කටයුතුවල නොයෙදෙන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.