මහනුවර ජනතාවගේවත් විශ්වාසය ආරක්ෂා කරගන්නට නොහැකි වූ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වටා සිටින දූෂිත මාෆියාවට එරෙහිව රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් තමන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේය.
ඔහු අද (08) පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි දෙන්නම පැමිනේන්නේ. ආණ්ඩුවෙන් 8ක් ආවා. විපක්ෂයෙන් 04ක් ආවා. දැන් මහනුවරින් ආණ්ඩුවෙන් 06යි… විපක්ෂයෙන් 06යි…
සෞඛ්‍ය ඇමතිවරයාත් මමත් ජීවත්වන මහනුවර හෘද කැතීටර දෙක්ක තියනවා. ඒ දෙකෙන් එක්ක අද වනවිට විනාශ වෙලා. නැතිනම් අක්‍රීය තත්ත්වයට පත් වෙලා. අටදාහක් මහනුවර මිනිස්සු බලාගෙන ඉන්නවා පොරොත්තු ලේඛණයෙ ඉඳගෙන ඉන්නවා හෙට අපට මේ හෘද සැත්කම කරගන්න පුලුවන් වේවි කියලා. අප විශ්වාසය රැකලා නෑ.
ඩිජිටල් ඇන්ජියොග්රැෆි මාස පහක් තිස්සේ වැඩ නෑ මහනුවර මහ රෝහලේ. ලීලි ඇක්සලරේටර් යන්ත්‍ර රුපියල් කෝටි හැටක් ජනතා බදු මුදල් වියදම් කරලා ගෙනත් තිබුණ. පහුගිය නොවැම්බර් ඉදන් අද වෙනකම් ඒ ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම වැඩ නෑ.
ඊඑස්ඩබ්ලියුඑල් කියන යන්ත්‍රය වකුගඩුවල ගල් කුඩුකරන යන්ත්‍රය, කොළඹ ජාතික රෝහලේ එක, අද උදේ කැඩිලා. මහනුවර තියනවා. කැඩි කැඩී පාවිච්චි කරනවා. ඊලඟට තියෙන්නේ කරාපිටියේ. මේ උපකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය තියන්න පුලුවන් ද?
මේ පද්ධති බිඳවැටෙන්නේ ඉහ වහා ගිය දූෂණයත් එක්ක. සේවා ගිවිසුම් නැතිව තමයි මේවා ගේන්නේ. ඇයි සේවා ගිවිසුම් දාන්නේ නැත්තෙ. දැම්මට පස්සේ මිල ඉහළ යනවා. ටෙන්ඩර් මගඩිවලට හොඳම දේ තමයි සේවා ගිවිසුම් නැතිව මිල අඩු කරගන්න එක.
බෙහෙත් ගැන විශ්වාසය තියන්න පුලුවන් ද කියලා අද ඡන්ද දෙන අයගෙන් මම අහනවා. වකුගඩු රෝග සඳහා රුධිරකාන්දු පෙරණ කැප්සියුල් එක් ලක්ෂ පනස් දහසක් තිබෙද්දි හදිසි මිලදී ගැනීම් යටතේ ලක්ෂ පහක් ගත්තා. ලක්ෂ 12ක් ඇනවුම් කළා. අවසානයේ පුස් වර්ගයක් නිසා 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.
නිර්වින්දන එන්නතින් සඳුනි මධුශිකා ගැබිණි මාතාව මරණයට පත් වුනා. ඔබතුමාට වේදිකා ගහපු පේරාදෙණිය ටවුන් එකේ කළු මාමා මැරුණා. පොත්තපිටිය මම ජීවත්න ගමේ සඳුනි ජයරත්න ඒ දරුවත් මරණයට පත් වුනා. එයාට අවුරුදු 21යි.
මම ඔබතුමාගෙන් අහන්නේ එන්.එම්.අර් එක ශක්තිමත් කළා ද. මම හෙට ජිනීවා නුවරට ගිහින් මානව හිමිකම් කොමිසමට ගිහින් මේ ගැන පැමිණිලි කරනවා. සෞඛ්‍ය අංශයට වටා ඇති දූෂණ වළල්ලට එරෙහිව දැඩි බලපෑම් කරන ලෙස ඉල්ලනවා. අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා.
මේ ඉන්නේ උද්ච්ච ඇමති කෙනෙක්. මේ උදච්ච ඇමතිට එරෙහිව කළ යුතු හැම විරෝධයක්ම දක්වනවා.