සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජය වූයේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුනු අතර විපක්ෂව ඡන්ද 113 ලැබිණි. වැඩි ඡන්ද 40කින් විශ්වාස භංගය පැරදුනේය.
විපක්ෂය වෙනුවෙන් වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අතර පුරා දින තුනක් තිස්සේ විශ්වාසභංග යෝජනාව විවාදයට ලක් විය.
අවසන් කතාව සිදුකරමින් සිටිය දී කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා දැඩි ආවේගශීලිව හැසිරුණු අතර “ඉඳගන්නවා ඕයි.. මුන්ට අල්ලලා ගහන් ඕන. මොක්කු ද මුං” ලෙස ආවේගයෙන් බැන වැදුනේය.









