රටක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවය තුළ නිවැරදි වැටුප් ව්‍යුහයක් පවත්වාගැනීමේ වැදගත්කම සහ සේවාවේ කාර්ය සාධනය අනුව වගවීම සහ වගකිම මත පදනම් වු සේවක ව්‍යුහයක් තුළ වැටුප නිර්ණය කිරීමේ වැදගත්කම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වැටුප් පිළිබඳ සංශෝධන කැබිනට් පත්‍රිකා මඟින් සිදු නොකොට ඒ සඳහා තාක්ෂණික දැනුමෙන් සමන්විත සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙන් යුත් ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කොට ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුකූලව කටයුතු කරන ද ඔවුන් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ පැහැදිළි කිරීම සිදු කර ඇත්තේ අද (28) එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා කළ ඉහත ඉදිරිපත් කිරීම අනුව වැටුප් සම්බන්ධ සියලු ගැටලු ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මඟින් යෝජනාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි එම සංගමය නිවේදනය කරයි.
නියමිත කාලරාමුවකට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා පිළිබද ගැටලු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව සිදු කරන ලෙස ද එම සංගමය ජාතික වැටුප් කොමිෂමෙන් ඉල්ලා තිබේ.
සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාත් , ජනාධිපති ලේකම්වරයාත්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත්, සෞඛ්‍ය ලේකම්වරයාත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාත්, කළමණාකාරණ සේවා – අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාත්, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම්වරියත් සහභාගී වී ඇත.
ඔවුන් නිකුත් කර තිබුණු නිවේදනය මෙසේය.