යුක්‍රේනයේ සිරවී සිටින ඉන්දීය ජාතිකයන් යලි ගෙන්වා ගැනීමට ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව මේ වන විට එම ඉන්දියානුවන් මොල්ඩෝව හරහා මුදා ගැනීම සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මුදා ගැනීම් කටයුතු වලට සහය වීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් මේවන විට මොල්ඩෝව වෙත ගොස් තිබේ.
යුක්‍රේනයේ සිට මෝල්ඩෝව වෙත පැමිණෙන ඉන්දීය ජාතිකයින් රුමේනියාව වෙත පැමිණ එතැන් සිට යලි ඉන්දියාවට ගෙන්වා ගැනීමට නියමිතය.