ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ පශු සම්පත් ක්ෂේත්‍රය මෑත කාලයේදී සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
ජ්ම්මු කාෂ්මීර් කළපයේ සියයට අසූවක් පමණ ග්‍රාමීය ප්‍රදේශවලින් සමන්විත වේ.
එම ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ ආදායමෙන් සියයට හැටක් පමණ කෘෂිකාර්මික සහ පශු සම්පත් අංශයෙන් ජනත වේ.
ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ දිනකට කිරි ලීටර් ලක්ෂ හැත්තෑවක් පමණ නිෂ්පාදනය කරයි.
ඒ අනුව මේවන විට ඉන්දීය රජය විසින් මෙම කලාපයේ කිරි නිෂ්පාදන වර්ධනය කිරීම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්ම කරයි.
එමගින් එම ප්‍රදේශ වල සිටින තරුණ ප්‍රජාවට නව රැකියා අවස්ථාන්ද ඔවුන්ගේ ආදායම් වර්ධනය කිරීමටද අපේක්ෂිතය.
ඒ අනුව ඉදිරියේදී ජම්මු කාෂ්මීර් ප්‍රදේශ වල ජනතාවගේ ජීවන තත්ත්වය මෙමගින් ඉහල නැංවීමට හැකියාව පවතින බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙයි.