ඉන්දීය අග්‍රමාත්‍ය නරේනද්‍ර මෝදි විසින් පොලිතින් මලු වෙනුවෙනට රෙදි වලින් නිර්මාණය කළ මලු භාවිතා කාරීමට ජනයා එක්වීමට සිය සතුට පළකරයි.
අග්‍රාමත්‍ය මෝදි මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශාකපට්නම් හී පැවති මහජන හමුවකට එක්වූ අවස්ථාවේදීය.
එහිදී ඉන්දීය අග්‍රමාත්‍යවරයා රන්තම්බෝර් වනයේ තිබූ ප්ලාස්ක අපද්‍රව්‍ය ඉවත් කිරීමට එක්වූ තරුණ ප්‍රජාවටද සිය ස්තූතිය පළකර තිබේ.
“මෙවැනි වැඩසටහන් වලින් ජනතාව එක්ව කටයුතු කිරීමටත් එමගින් පරිසර ආරක්ෂා කරගැනීමටත් අවස්ථාව හිමිවෙනවා. මෙය ඉතාම වැදගත් වැඩටසටහනක්” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඉන්දීය තරුණ ප්‍රජාව මේවන විට එරට තුල ප්ලාස්ටික් භාවිත අවම කිරිමට දැඩි ප්‍රයත්නය පසුවන අතර ඒ සඳහා ඉන්දීය රජයේදී විශාල සහයක් මේවන විට ලැබෙමින් පවතී.