චීනයේ විසින් සංවර්ධිත රටවල් ණය උගුලක පටලවන එක් තීරයක් එක් මාවතක් වැඩසහට පිළිතුරු වශයෙන් ජී හත රටවල් දියක් කිරීමට නියමිත වැඩසටහනට තමන්ද එක්වීමට සූදානම් බව චීනය පවසයි.
පසුගිය වසරේ ජී හත රටවල රාජ්‍ය නායකයින් එක්ව වඩා යහපත් ලෝකයක් යළි ගොඩනගමු ලෙසින් නව වැඩසටහනක් ආරම්භ කළ අතර එය මූලික වශයෙන් චීනයෙන් එල්ල වන බලපෑමට පිළිතුරක් වශයෙන් නිර්මාණය විය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජී හත රටවල නායකයින් ක්‍රියත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන් තමන්ද එක්වීමට කැමැත්ත පළ කරන බවයි.
එමෙන්ම චීනය විසින් ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇමරිකා එක්සත් ජනපදයට එක්විය හැකි බවද චීනය ප්‍රකාශ කර තිබේ.
එහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජී හත ක්‍රියාත්මක කරන වැඩසටහනට තමන්ට එක්වීමනේ ලෝකයට ගුණත්වයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ ලබා දීමට හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් චීනය ක්‍රියත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් අප්‍රිකානු කළාපයේ රටවල් රැසක් දරුණු ණය අර්බුදයක පටලවට ඇත.
එහිදී චීනය විසින් කිසිඳු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති ව්‍යාපෘති සඳහා ණය ලබාදී ඇති අතර එම ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් මෙම රටවල් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකා චීන ණය උගුලේ භයානක බව පෙන්වීමට කදිම උදාහරණයකි.