හොංකොං පුරා කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ වෛරසය ආසාදනය වූ ගෘහ සේවිකාවන්ව නිවෙස් හිමියන් විසින් නිවසෙන් එළියට ඇද දමමින් සිටින බවට වාර්තා වේ.
ඒ අනුව මෙලෙස නිවෙස් වලින් එළියට ඇද දෑමූ ගෘහ සේවිකාවන් රැසක් මේවන විට හෙංකොං හී විදිවල ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බව රොයිර් පුවත් සේවය වාර්තා කරයි.
හොංකොං හී ගෘහ සේවිකාවන් ලක්ෂ තුනහාමාරකට ආසාන්න පිරිසක් සිටින අතර ඉන් බහුතරය් පිලිපීන සහ ඉන්දුනීසියානු ජාතිකයින් වේ. මෙම ගෘහ සේවිකාවන්ගෙන් බහුතරයක් එම නිවෙස් වලම වාසය කරමින් සේවය කරයි.
එම සේවිකාවන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් දිවිගෙවන අතර ඇතැමුන් නිවෙස් හිමිකරුවන්ගේ දරුවන්ගේ කාමර වල බිම නිදා ගැනීම කරන බවද වාර්තාවේ.
ඔවුන් සතියකට දින 6ක් සේවය කරන අතර නිවාඩු දිනයේද බොහෝ විට විනෝද වීමට හෝ නිදහසින් ගත කිරීමට වැඩි අවකාශයක් නොලැබෙයි. මෙලෙස දැඩි වෙහෙසකාරී දිවියක් ගත කරනු සේවිකායන්ට මසකට ඇමරිකානු ඩොලර් 593ක් වැටුපක් හිමිවේ.
කෙසේ වෙතත් මේවන විට නිවෙස් වලින් එළියට ඇද දැමූවන් විශාල පිරිසක් දැඩි සීතිලේ වීදි වල දිවි ගෙවන අතර ඔවුන් පනවා ඇති ගුවන් ගමන් තහනම් හේතුවෙන් බොහොමයකට යලි සිය රටට යෑමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.