රජයේ රෝහල් කීපයක මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගත හැකි ගෙවන වාට්ටු ඇති කිරීමට 2023 අයවැයෙන් යෝජනා කර තිබේ.
මේ වන විට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී වැයවන අධික වියදම් හේතුවෙන් ඊට වඩා සහනදායී පදනමක් යටතේ රජයේ රෝහල්වලින් එම පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කරන ලෙස කර ඇති යෝජනාව සලකා, මෙම ගෙවන වාට්ටු යළි ඇති කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඒ අනුව, ජාතික රෝහල් හා මූලික රෝහල්වල මෙම ගෙවන වාට්ටු ක්‍රමය ඇති කරන බවත් මෙම පහසුකම, අතීතයේ දී රෝහල්වල පැවති නමුත්, පෞද්ගලික රෝහල් බිහිවිමත් සමඟ, ඒවා අකර්මණ්‍ය වූ බවත් ය.







