පවතින ආර්ථික අර්බුදය හමුවේ විශාල වශයෙන් රැකියා අහිමි වීමේ තත්ත්වයක් පවතින බැවින් රැකියා අහිමි වන්නන්නට මාස තුනක කාලයක් ජීවත් වීම සඳහා මුදල් ලැබෙන පරිදි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා යෝජනා කරන බව අය – වැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මීට අමතරව දැනට රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණය හා සමානව පෞද්ගලික අංශයට ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා යෝජනා කරයි.
එහිදී සේවක භාරකාර අරමුදල ද ඊට සම්බන්ධ කරගෙන එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.







