බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයෙන් සියල්ල සපුරන තෙක් නොසිට විහාරස්ථාන කේන්ද්‍ර කරගත් ජාතික මට්ටමේ සමාජ සත්කාර වැඩසටහනක් අරඹන්න… මහා නායක හිමිවරු සංඝ සමාජයට දන්වති!

by editor
දෙසැම්බර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ජාතික ආපදා අවස්ථාවේ මනුෂ්‍යත්වයේ උදාරත්වය ප්‍රකට කරමින් ජාති, ආගම්, පාට, පක්ෂ භේද පසෙකලා ශ්‍රී ලාංකියයන් ලෙස ඔවුනොවුන් කෙරෙහි පිහිට වෙමින් ජන ජීවිතය යථාවත් කර ගනිමින් ශක්තිමත්ව නැගී සිටීමට සැවොම උත්සහ ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.

මෑත ඉතිහාසය තුළ උද්ගතව වූ දරුණුතම ස්වභාවික අපදාවෙන් අප මාතෘ භුමිය පීඩාවට පත්ව සිටින මෙම ඛේදනීය අවස්ථාවේ දී ජිවිතක්ෂයට පත් වූ සියලු මහජනතාව සම්බන්ධයෙන් සංවේගය පළ කර කරන බවද උන්වහන්සේ දෙනම ප්‍රකාශ කරති.

සියම් මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අත්සනින් යුත් නිවේදනයේ මෙසේද සඳහන්ය.

ආපදාපන්න සියලු මහජනතාවගේ ජිවිත උපද්‍රව රහිත වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී ඇති වූ ආපදාව පිළිබඳ බේද කිරීමට සීමා නොවු ප්‍රඥාව පෙරදැරි කරගත් වීර්ය ගුණයෙන් ජාති, ආගම්, පාට, පක්ෂ භේද පසෙකලා ශ්‍රී ලාංකියයන් ලෙස ඔවුනොවුන් කෙරෙහි පිහිට වෙමින් ජන ජීවිතය යථාවත් කර ගනිමින් ශක්තිමත්ව නැගී සිටීමට අපි සැවොම උත්සහ ගත යුතු බව සිහිපත් කරනු කැමැත්තෙමු.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාවේ දී විපතට පත් සියලු මහජනතාව වෙත සහන සැලසීමට දිවයින පුරා පිහිටි සියලු විහාරස්ථානයන්හි ගරුතර මහා සංඝරත්නය කඩිනමින් කැප වී ක්‍රියා කිරීම අගය කරන අතර ම, රජය මගින් මෙම අසීරු අවස්ථාවේදී මහජනතාවගේ යහපත උදෙසා ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර ම එම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් ජන ජීවිතය කඩිනමින් යථාවත් කිරීමට ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු.

එහෙත් සියලු අවශ්‍යතා රජය මගින් සම්පුර්ණ කරන තෙක් නොසිට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමට විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික මට්ටමේ සමාජ සත්කාර වැඩසටහනක් සුදානම් කිරීමට සියලු මහා සංඝරත්නය මේ අවස්ථාවේ දී කටයුතු කළ යුතු බව අපගේ විශ්වාසයයි.

මේ වන විට ශ්‍රී දළදා මාළිගාව හා මල්වතු – අස්ගිරි උභය මහා විහාරයන් කේන්ද්‍ර කර ගනිමින් විපතට පත් මහජනතාව වෙත සහන සැලසීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කර ඇත. ශ්‍රී දළදා මාළිගාවේ හා උභය මහා විහාරයන්හි මෙන්ම දෙස් විදෙස් සැදැහැතියන්ගේ මූල්‍යමය ආධාර යටතේ අදියර තුනක් යටතේ එම වැඩ සටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම ස්වභාවික ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ මහජනතාව වෙත පුණ්‍යානුමෝදනා කරලීම උදෙසා දිවයිනේ සියලු විහාරස්ථාන 2025.12.04 දිනට එළඹෙන උඳුවප් පොහෝ දිනයේ දී ආගමික වතාවත් සිදු කරලීමට කටයුතු සම්පාදනය කිරීම සුදුසු බව මෙයින් දන්වා සිටිමු.

තව ද විපතට පත් සියලු මහජනතාව විෂයෙහි රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලීම උදෙසා උඳුවප් පොහෝ දින පස්වරු 05.00 ට ශ්‍රී දළදා මාළිගාවේ දී සියක් නමක් මහාසංඝරත්නයේ වැඩම කරවීමෙන් රතන සූත්‍ර දේශනාවක් සිදු කරන අතර එයට සමගාමීව දිවයිනේ සියලු විහාරස්ථානයන්හි රතන සූත්‍ර දේශනාවක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කිරීම සුදුසු බව ද මෙයින් දන්වා සිටිම්හ.

මෙම ආපදාවෙන් මියගිය සැමට උතුම් වූ නිර්වාණ සම්පත්තිය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර සියලු රටවාසීන් වෙත රත්නත්‍රයේ ආශීර්වාදයත් දළදා සමිඳුන්ගේ රැකවරණයත් සැලසේවායි ආශංසනය කරම්හ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලව්ව – අඹේපුස්ස අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට ගිය දුම්රිය සේවකයින් 05ක් අනතුරට… පස් දෙනාම රෝහලේ…

Next Post

මහ වතුරෙන් බේරෙන්න වන සතුනුත් සෝමාවති පුද බිමට

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.