යොහානිට ඉඩමක් දෙන්න කතා කරන ඇමති මණ්ඩලේ ගෑස් පිපිරීමෙන් ජීවිත දේපළ හානි වුණු පුද්ගලයන්ට වන්දියක් ලබා දෙන්නට කටයුතු නොකරන්නේ මන්දැයි අද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා රජයෙන් ප්‍රශ්න කළේය. ගෑස් සංයුතිය වෙනස් කළ බවට කළ චෝදනා සමාගම් මෙන්ම රජයේ ඇමතිවරු කිසිම අකාරයකින් පිළිනොගත්තත් අවසානයේ ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාවට අනුව මෙම පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බව හෙළි වූ බවත් මේ අර්බුදයට ප්‍රධාන හේතුව වැඩි ලාබ ගැනීමේ අරමුණ බවත් පෙන්වා දුන්නේය.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් සඳහන් කළේ ගෑස් සංයුතිය වෙනස් කිරීමට සමාගම් කටයුතු කළේ ඉක්මනින් ක්ෂය වන ගෑස් ලබා දී සාපේෂව වැඩි ලාබයක් ලබා ගැනීමේ අරමුණින් බවත් එයින් මේ වනවිට ජීවිත කිහිපයක් විනාශ වී නිවාස කිහිපයක් දැවී මහා විනාශයක් සිදුව ඇති බවය. එසේ වුවද රජය මෙතෙක් මේ හානිවලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වචනයක්වත් කතා කර නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
“ ඊයේ පෙරේදාත් ගෑස් ලීක් එකක් නිසා ගෙයක් ගනිගත්තා. ජීවිත ගණනාවක් හානි වුණා. නමුත් ඔවුන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු කළාද? සත පහක් දුන්නද? යොහානි ගායන ශිල්පිණියට කෝටි ගාණක් වටිනා ඉඩමක් දෙන්න තීරණය වුණා. ඒක හොඳයි. යොහානි ශ්‍රි ලංකාව ලෝකයට ට බද්ද කිරීමට වැඩක් කළා. ඇයට එය දිය යුතුයි. නමුත් යොහානිට කොළඹ කෝටි ගාණක ඉඩමක් දෙන්න තීන්දු කරන කැබිනට් මණ්ඩලේ ගෑස් අනතුරු නිසා විනාශ වෙච්ච ජීවිතවලට දේපළවලට වන්දි දෙන්න කතා කරන්නේ නැත්තේ ඇයි? යෝජනා කරන්නේ නැත්තේ ඇයි? එය ජනතාව පැත්තෙන් ලොකු ප්‍රශ්නයක්. අද මේ රටම මහා වියවුලක් වෙලා. රටක් ලෙස අපි ඛේදනීය ශෝචනීය තැනකට ඇවිත් “ යයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී පැහැදිළි කළේය.