යුරෝපා කොමිසම විසින් පාකිස්ථානයට එරට තුල මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරන ලෙසත් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමේ හැකියාව ස්ථාපිත කරන ලෙසටත් ඉල්ලා තිබේ.
පාකිස්ථානයෙන් යුරොපා කොමිසම මෙම ඉල්ලීම කර ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථානයේ කළ සංචාරයකින් අනතුරුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගිනි.
පාකිස්ථානයෙන් මානව හිමිකම් තත්ත්වය පරීක්ෂා කිරීමත් එමගින් එරටට යුරෝපා සංගමයට අපනයන කරනු ලබන නිෂ්පාදන සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා දීමට හැකියාව අධ්‍යනය කිරීමත් මෙම සංචාරයේ මූලික අරමුණ බවට පත්ව තිබිණි.
මෙම කණ්ඩායම විසින් පාකිස්ථාන සංචාරයෙන් අනතුරුව සකස්කරන වාර්ථාව පදනම් කරගෙන යුරොපා කොමිසම විසින් පාකිස්ථානයට අදාල බදු සහනය ලබාදීම සම්බන්ධයේ තීරණය කරනු ඇත.
කෙසේ වෙතත් මෙම නීරීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය විසින් එරට තුල ජනතාවට වධහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහිව නීති කඩිනමින් සම්මත කර ගතයුතු බවයි. එමෙන්ම එරට තුල මරණ දඬුවම ක්‍රියාත්මක වන නීති ප්‍රමාණය අවම කරන ලෙසද නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලා තිබේ.
මීට අමරතව පාකිස්ථානය තුල මාධ්‍ය නිදහස ස්ථාපති කිරීමට කටයුතු කළයුතු බවත් එහිදී එරට මාධ්‍යවේදීන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කළයුතු බවද පෙන්වා දී ඇත.
“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම, සිවිල් සමාජ සංවිධානවල සහ මාධ්‍යවල කටයුතුවලට ඇති බාධා ඉවත් කිරීම, සාමූහික කේවල් කිරීමේ සහ වෘත්තීය සමිති ස්ථාපිති කිරීමේ අයිතීන් ක්‍රියාත්මක කළ යුතුයි” යනුවෙන්ද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.