2021 හා 22 වසර තුළ වන අලි මරණ 511ක් හා අලි – මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 181ක් වාර්තා වී ඇතැයි වන ජීවි සරංක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2022 වසරේ ගත වූ කාලය තුළ දල වශයෙන් සෑම දිනකටම වරක් අලි මරණයක් සිදුවී ඇති බවත් ගතවු මාස 09 තුළ පමණක් වන අලි මරණ 258ක් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි.
මේ වසරේ සිදුවූ අලි මරණ 258න් 35 වෙඩි තැබීම නිසාත්, 25ක් විදුලිසැර වැදීම නිසාත්, මරණ 30ක් හකක් පටස් නිසාත් , 06ක් දුම්රිය අනතුරු නිසාත්, 02ක් මාර්ග අනතුරු නිසාත්, ,10ක් දියේ ගිලීම් නිසාත්, 06ක් වගා ලිංවලට ඇද වැටීම නිසාත්, මරණයට පත් වී ඇත. විවිධ අනතුරු නිසා මරණ 03ක්, වනයේ මියගොස් නරක් වූ සිරුරු 29ක්, දිරාපත් වූ සිරුරු 12ක්, පණු ආසාදන නිසා මරණ 02ක් සහ වෙනත් හේතු නිසා මරණ 98ක් ද වාර්තා වී ඇත.
වනජීවි සංඛ්‍යාලේඛන අනුව විදුලි සැර වැද්දීම නිසා 2015 වන අලි මරණ 17ක්, 2016 දී 26ක්, 2017 දී 24ක්, 2018 දී 38ක්, 2019 දී 51ක්, 2020 30ක් හා 2021 දී වන අලි මරණ 66ක් ද වශයෙන් වාර්තා විණි.