ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගමට යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව අස්සන් කරන ලද ආන්දෝලනාත්මක ගිවිසුම අද (06) අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.
ආණ්ඩුවේම කොටසක් එළියේ සම්මන්ත්‍රණ තබමින්, උසාවියට යමින් විරෝධය පෑ මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය .
දැනට එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගෙනු වී ඇත.
කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති .