කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී පෙරේදා (04) රාත්‍රියේ දී ඝාතනය කරන ලද “කෙසෙල් වත්ත පවාස්” නැමැති පුද්ගලයා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් සොයාගෙන ඇති අතර ඝාතන සිද්ධියට සම්බන්ධ මෝටර් රථයක් පොලිසිය භාරයට ගැනීමට නියමිතය ඇතැයි ද පොලිසිය කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරු වන් වයස අවුරුදු 23 හා 31 අතර පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය
කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෙසෙල්වත්ත පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි