ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර් විසින් ඉකුත්දා කියා සිටියේ ඉන්දියාව යුක්රේනයේ සාපුරිස්හියා න්‍යෂ්ටික බලාගාරය අවට තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළ බවත් මොස්කව් සහ කිීව් අතර ධාන්‍ය ගනුදෙනුවට නිහඬව උදව් කළ බවත්ය.
මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියා යුක්‍රේනය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වූ ආකරයටත් තත්ත්වය පාලනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ ආකාරයද ඉතා පැහැදිලිව ගෙන හැර දැක්වීමට සමත්විය.
“ඉන්දියාව සාපුරිස්හියා න්‍යෂ්ටික බලාගාරය අවට තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, අපි දැනටමත් උදව් කර තිබීමයි. ඒත් ධාන්‍ය ගනුදෙනුව මත ඉතා නිහඬවයි කටයුතු කරන්නේ,” යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ජයසංකර් විසින් ජර්මානු භාෂාවෙල් පළවන දිනපතා බ්‍රෝඩ්ෂීට් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
රුසියානු-යුක්රේන යුද්ධය සහ ගෝලීය බලශක්ති සහ ආහාර වෙලඳපොලවල්, උද්ධමනය සහ ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි එහි බලපෑම් පිළිබඳවද අමාත්‍යරයා එහිදී අදහස් දැක්වීය, “කොවිඩ් වසංගතයේ වසර ගණනාවකට පසුව තත්ත්වයත්, ගෝලීය බලශක්ති සහ ආහාර වෙලඳපොලවල් මෙම ගැටුමේ ප්‍රතිවිපාක විදිහට කුමන තත්ත්වයකට පත්වෙයි දැයි මම කල්පනා කරනවා. ඒ වගේම උද්ධමනය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සෑම තැනකම නරක ප්‍රවෘත්ති හැර වෙන කිසිවක් මම දන්නේ නැහැ. කිසිවෙකුට ඇත්ත වශයෙන්ම මෙම යුද්ධය අවශ්‍ය නැත. අපට යුද්ධ කිසිසේත් අවශ්‍ය නොවේ.”
පොහොර හිඟය පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ජයිශංකර් පැවසුවේ “බොහෝ අප්‍රිකානු රටවලට පොහොර ප්‍රශ්නය ප්‍රමුඛතම ගැටලුමක් බවට පත් වෙලා තියෙනවා. රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ප්‍රමාණවත් පොහොර නොලැබුණහොත් මාස කිහිපයකින් ගෝලීය ආහාර හිඟයක් සහ සාගතයක් ඇති වෙන්න බොහෝ ඉඩ තියෙනවා″ යනුවෙනි.







