අද අළුයම සටන් පවතින කිවි නගරයේ වීදියට බට යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සිලෙනෙස්කි සිය ෆේස් බුක් ගිනුමේ වීඩියෝ පටයක් පල කළේය.
“ඔබගේ ජනාධිපති, අගමැති, රජයේ ජ්‍යෙෂ්ඨයන් සටන් නායකයන් ඔබත් සමග ඉන්නවා. යුක්‍රේනයේ නිදහසට ජය වේවා. යුක්රේන ජනතාවට යුක්රේනයට ජයවේවා.“ ඔහු කීවේය.
ඊයේ යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා රයිෆලයක් රැගෙන ස්වෙච්ඡා සටන්කරුවන් සමග එක්වී ඇති අයුරු සී.එන්.එන් රූපවාහිනී සේවය වාර්තා කළේය
යුක්රේනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කිරා රුඩික් ඊයේ (25) රයිෆලයක් ද අතැතිව සිය ට්විටර් ගිනුමේ පල කළ සටහනක් ලොව පුරා සංසරණය විය.

“අපේ කාන්තාවන් අපගේ පිරිමින් මෙන් අපගේ පස ආරක්ෂා කරනු ඇත.” ඇය එසේ
“මම තුවක්කුවක් අතැතිව සිටින බවත්, මම ආයුධ දරා ගැනීමට සූදානම් බවත්, අනෙක් මිනිසුන්ට වෙඩි තැබීමට මම සූදානම් බවත් තේරුම් ගැනීම සහ අවබෝධ කර ගැනීම මට ඉතා අසාමාන්‍ය දෙයක්,” රුඩික් සෙනසුරාදා උදේ පැවසුවාය.







