කීර්ති ප්‍රනාන්දු –
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා තිබේ.
ඊයේ (25 )මධ්‍යම රාත්‍රියේ සිට එම මිල ගනන් ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් වැඩිවන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමූ බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම කියයි.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139 කි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම කියයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මාසයක් තුල ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙය වේ.







