දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඊයේ ( 19 ) රාත්‍රී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ප්‍රහාරය ආරම්භ වී තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් විසින් පහර දීම නිසා යාපනයේ අවන්හලටද හානි සිදු වී ඇති අතර ප්‍රහාරය වැළැක්වීමට ගිය හෝටල් සේවකයින්ටද විශ්ව විද්‍යාල සිසුන් පහර දී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින සිසුන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ හිස් වලට බරපතල ලෙස තුවාල සිදුව තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.