දිනසේන රතුගමගේ –
කන්කසන්තුරේ වරාය පුලුල් කොට සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ ( 8 ) ප්‍රකාශයට පත් කොට තිබේ.
කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන්වේ.
ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව් වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත් භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම් විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමටත් කන්කසන්තුරේ වරාය පුලුල් කිරීමේ වැඩ සටහනෙන් අවස්ථාව උදාවන බවද ඉන්දියව ප්‍රකාශ කොට තිබේ.
එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දුපත්වල සුළං බලාගාර , දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද එම නිවේදනයේ සදහන් කොට තිබේ.
ඉන්දියාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්‍රී ලංකා ගුවන් සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය 7 දා යාපනයට පැමිණි අවස්ථාවේදි සනාථ කළේය.







