බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරුවත පෙන්වා වියපත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 50ක් වංචා කරලා… කාන්තාවන් 03ක් අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන සිටින යාපනයේ උපන් 53 හැවිරිදි ද්‍රවිඩ පුද්ගලයෙකුව රවටා රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තුන්දෙනෙකු පොලීසිය විසින් 8 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් තුන් දෙනා සංවිධානය වී වයස අවුරුදු 23 ක තරුණියක් යොදාගෙන සකස් කළ ටික් ටොක් වීඩියෝවක් ස්විස්ටර්ලන්තයේ සිටි පුද්ගලයාගේ ජංගම දුරකතනය වෙත යවා ඇත.

පසුව එම තරුණිය හා ස්විස්ටර්ලන්ත ජාතිකයා අතර මිතුදමක් ගොඩනගා එය ක්‍රමයෙන් ලිංගිකව හැසිරීමට කැමති තැන දක්වා වර්ධනය කර ගැනීමත් සමගම දෙදෙනා වීඩියෝ ඔස්සේ ලිංගික ක්‍රියාවන්ද සිදු කොට තිබේ.

පසුව ස්විස්ටර්ලන්ත ජාතිකයා ඇය සදහන් කළ බැංකු ගිණුමට වරින් වර මුදල් එවා ඇත.

එම මුදලෙන් කොටසක් එවා ඇත්තේ ස්විස් ජාතිකයා යාපනයට පැමිණි පසුව ඔවුන් දෙදෙනාට එකට ජීවත් වීමට සුඛෝපභෝගී කාමරයක් ඉදි කිරීම පිණිසය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තරුණිය එසේ ජීවත් වීමට කැමති බව ස්විස්ටර්ලන්ත ජාතිකායට දැණුම් දීමෙන් පසුව ඔහු ඒ සඳහා මුදල් එවා තිබේ.

කාලයත් සමගම එම තරුණිය වෙනස් වී ඇති අතර දුරකතන ඇමතුම් ලබා ගැනීම පවා නැවතී ඇත.

ස්විස්ටර්ලන්ත ජාතිකයා එහි සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත් පෙම්කළ තරුණිය සමග නිවාඩුවක් ගත කිරීමටත් සිතා යාපනයට පැමිණි පසුව තරුණිය සඳහන් කළ ලිපිනයේ එවැනි අයෙකු පදිංචි නොමැති බව අනාවරණය වී ඇත.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලි කොට තමන් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබේ.

බැංකු ගිණුම් ඔසේ පරීක්ෂණ සිදු කළ යාපනය පොලීසියට එම ගිණුම වයස අවුරුදු 47 ක කාන්තවකගේ බවට තහවුරු වීමෙන් පසුව පොලීසිය ඇයව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇත.

ඇය මේ සිද්ධියේ සියල්ල හෙළි කිරීමෙන් පසුව පොලීසිය එම කාන්තාවන් තුන් දෙනාම අත් ඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරණ ලෙසත් ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබා දෙන බවටත් පොලීසියට පොරොන්දු වී ඇතත් යාපනය පොලිසිය මේ කාන්තාවන් තුන් දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි දිනයි ද?

Next Post

යාපනේ ජාත්‍යාන්තර ගුවන් තොටුපලටත්, දූපත්වල සුළං විදුලි බලාගාරවලටත් මුදල් දුන් ඉන්දියාවෙන් කන්කනසන්තුරේ වරායටත් ඩොලර් මිලියන 65ක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.