දිනසේන රතුගමගේ –
යාපනය බන්ධනාගාරය තුළදි සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා ඇති එක් සිරකරුවකු 25 දා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මුලින්ම සිරකරුවන් දෙදෙනෙකු අතර අති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව එම ගැටුමට තවත් සිරකරුවන් පිරිසක් එක් වී ඔවුන් දෙපිලකට බෙදීමෙන් පසුව මෙම ගැටුම හට ගෙන තිබේ.
මෙම ගැටුමෙන් සිරකරුවන් තුන් දෙනෙකු තුවාල ලබා අතත් ඉන් එක් සිරකරුවකු පමණක් රෝහල් ගත කොට තිබේ.
යාපනය බන්ධනාගාරයේ පාලන අධිකාරිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







