දිනසේන රතුගමගේ –
බ්‍රිතාන්‍යයේ වැන්ඩ්ස්වර්ත් කවුන්සිලයේ නියෝජ්‍ය නගරාධිපති ධූරයට ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවක් ඊයේ (30) තේරී පත් වූවාය . ඇය ෂර්මිලා වර්ධරාජන්ය.
යාපනයේ ඉපදී ඇති ශර්මිලා වරධරාජන් මානව හිමිකම් ක්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කොට තිබේ.
ඇමරිකාවේ ෆ්ලොරිඩා, ස්විට්සර්ලන්තය, තායිලන්තය සහ චිලී යන රටවල විදේශීය උපාධි හතරක් සම්පූර්ණ කර ඇති ඇය හර්ට්ෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධියක්ද ලබා ඇත.
ඊට අමතරව ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ තවත් ස්වේච්ඡා සංවිධානයකද , ගෝලීය මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේද සේවය කොට තිබේ.







