දිනසේන රතුගමගේ –
මේ දිනවල වෙළඳපලේ එලවලු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇත. ඊයේ ( 07) යාපනය සති පොලේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000 කි.
මෙම මිල ගණන් වලට අනුව යාපනය වෙළඳ පලේ එක් මුරුංගා කරලක මිල රුපියල් 1000 ක් වශයෙන් පැවතුණි.
මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත් සෙසු එලවලු වර්ග වල මිල ගණන් ඉතා ඉහල යාමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහල ගොස් ඇති බව යාපනයේ එලවළු වෙළෙන්දෝ කියා සිටියහ.
යාපනයේ ඉතා සුළු ප්‍රදේශයක මේ දිනවල මුරුංගා සුළු අස්වැන්නක් ඇති අතර යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500 ක් වේ.
යාපනයේ සිට බොහෝ පළාත් වලට ගමන් කළ බස් රථ වලද මුරුංගා ගෝනි පටවා තිබෙනු දක්නට ලැබුණි.