අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටි කොළඹ කොටුව ඉඩමේ හිමිකම තවත් වසර 99කට එම සංගමයට පැවරෙයි….

by editor
ජනවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 කොළඹ තරුණ බෞද්ධ සංගමය පවත්වාගෙන යන  කොටුවේ පිහිටි රජයට අයත් ඉඩමේ හිමිකම   තවත් වසර 99ක කාලයක් සඳහා එම සංගමයටම  පවරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. එමෙන්ම   එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා හෙළි කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

ranil

‘ ලංකාභිමානය – එක ශ්‍රී ලංකාවක් සඳහා කතිකාව’ යන තේමාව යටතේ මෙවර සංවත්සර උත්සවය  සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිවයුතුයි. එම සමයේ දී බටහිර රටවල ක්‍රිස්තියනි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යාමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී. බී. ජයතිලක මැතිතුමා. එම මැතිණියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා.

තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබා දීමට කටයුතු කරනවා.  ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘ එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේ ද මෙයයි. අද සියලුදෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි.

යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට 2025 වන විට විසදුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අවතැන්වූවන්ගේ මෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවලට අදාළ දේශපාලන විසඳුම් ලබා දෙනවා.

එසේම නාගදීපය කේන්ද්‍ර කරගත් ආගමික මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට වගේම සුවිශේෂී හින්දු දේවස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට අප අපේක්ෂා කරනවා. අපි එකතු වෙලා ඉදිරියට යමු. අප මෙහිදී තරුණයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ යෝජනා, සැලසුම්, සහ අදහස් රට ගොඩනැගීමට අවශ්‍යයි.

වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම රටක් සියලුදෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් රටක්.  සුරක්ෂිත කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ආහාර බෝග අපනයනය කළ හැකියි. මෙවැනි විශාල වැඩකොටසක් අපට ඉදිරියට කිරීමට තිබෙනවා.

ඒ වගේම දූෂණ විරෝධී කොමිසම සම්මත කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඊට අදාළ කමිටුව පත් කර තිබෙනවා. එතැනින් නතර නොවී අපේ මූල්‍ය රෙගුලාසි වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවට අනුව මූල්‍ය පාලනය පිළිබඳ වාර්තාවක් දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න ඇතුළු සියල්ලක්ම එහි ඇතුළත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ වෙනම කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට  රජයේ මූල්‍ය භාර නිලධාරීනුත් කටයුතු කළයුතුයි.

ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ පාලනය කරන නීතිරීති අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙය විශාල කාර්යභාරයක් බව කිවයුතුයි.

ලෝකය සමඟ අප ඉදිරියට යනවා නම් අනික් රටවල් සමග එකතු විය යුතුයි. ඒ සඳහා රටවල් සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අවශ්‍යයි. සිංගප්පුරුව සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව සමඟ පවත්වන සාකච්ඡා අවසන් වෙමින් පවතිනවා. චීනය සමඟ සාකච්ඡා ආරම්භ කළා. තායිලන්තය සමඟ අප්‍රේල් මාසයේදී ගිවිසුම් අත්සන් කරනවා.

ඒ වගේම මියන්මාරය සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මියන්මාරයේ ප්‍රශ්න තිබුණත් අපට ඒවා සම්බන්ධ කරගත යුතු නැහැ. ලාඕසය, වියට්නාමය සමඟත් අපේ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍යයි. ඔවුන්ගේ ආර්ථිකය ලෝකයට විවෘත කලා වගේම අපේ ආර්ථිකයද ලෝකයට විවෘත කළ හැකියි. ඔවුන් සාර්ථක වුණා නම් අපි කොහොමද අසාර්ථක වෙන්නේ.

කාම්බෝජය සැලකුවහොත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ විශාල ආර්ථික දියුණුවක් ඇති කර ගෙන තිබෙනවා. මේ අලුත් ආර්ථික දර්ශනයට අප රටක් ලෙස යා යුතුයි. ඇතැම් පක්ෂ සාම්ප්‍රදායික ලෙස සිතුවත්  අපට අවශ්‍ය සියලුදෙනා ඒකරාශී කරගෙන එකම ආර්ථික වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමටයි.

කොළඹ තරණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 08 වන දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ආරම්භක සභාපතිවරයා ලෙස ඩී.බී. ජයතිලක මහතා පත් වූ අතර මෙරට පැරණිතම වූත්, විශාලතම වුත් බෞද්ධ සංවිධානය ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය රට වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

125 වන සැමරුම නිමිත්තෙන් එළිදැක්වූ සමරු කලාපය ද මෙහිදී  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකුට ශිෂ්‍යත්ව පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අතින් සිදු කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ  පුද්ගලික නිවස ගිනි තියන්න ඇරලා… ඉහළම පොලිස් නිලධාරීන්ට එල්ලවූ චෝදනා නිසා සඟවා තිබූ සී.අයි.ඩී. වාර්තාව ජනපති අතට පත්වෙලා!

Next Post

යාපනයේ මුරුංගා කරලක් රුපියල් 1000යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.