මනම්පිටිය නිමල් ජයරත්න –
වයස අවුරුදු පහළොවක දැරියක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී, බලහත්කාරයෙන් පාළු නිවසකට නිවසකට ඇදගෙන ගොස් දූෂකයින් 03 දෙනෙක් සමූහ දූෂණයකට ලක් කළ සිද්ධියක් පිළිබඳව මඩකලපුව කාත්තංකුඩි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (07) රාත්‍රියේ මේ ආකාරයට බරපතළ ලිංගික දූෂණයට ලක්ව ඇත්තේ කාත්තංකුඩි කරඹලා මාර්ගයේ පදිංචිව සිටි අවුරුදු 15ක දැරියක් බව කාත්තංකුඩි පොලිසිය සඳහන් කරයි.
දැරිය සමූහ දූෂණයට ලක්කර ඇති බවට සැක කරන සල්ලාලයින් තිදෙනා කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසි හතර, විසිපහ, සහ විසිහය යන වයස් වල පසුවන්නන් බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
බරපතල අපරාධයට ලක් වූ දැරිය මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
දැරියගේ මවුපියන් කාත්තංකුඩිය පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව සැකකරුවන් අද (08) සවස අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තංකුඩිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.