දිනසේන රතුගමගේ
යාපනයේ බියර් හා සෙසු මත්පැන් අලෙවිය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව යාපනයේ සුරා බදු නිලධාරීන් විසින් නිකුත් කරණ ලද වාර්තාවක සදහන් වෙයි.
මේ අනුව යාපනයේ බියර් අලෙවිය 27% කින් පමණද වයින් අලෙවිය 21% කින් ද විදෙස් මත්පැන් අලෙවිය 7.14% කින්ද සෙසු දේශීය මත්පැන් අලෙවිය 6.9% කින්ද පහත වැටී ඇති බව එම සංඛ්‍යා ලේඛන වල සදහන් වෙයි.
යාපනයේ සුරා බදු නිලධාරීන් පවසන්නේ 2019 වසර තුළ යාපනයේ බියර් ලීටර් වීස් එක් ලක්ෂයක් අලෙවි වී ඇති බවයි.නමුත් 2020 වසරේ එම ප්‍රමාණට ලීටර් හත් ලක්ෂයවත් නො ඉක්මවන බවට සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වන බවද යාපනය දිසපති කාර්යාලයේදී සුරාබදු නිලධාරීන් විසින් ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන වල සදහන් වෙයි.
2020 වසරේ බලපාන ලද කොරෝනා වසංගතය නිසා කාලයක් මත්පැන් අලෙවි සැල් වසා දමා තිබීම මේ කෙරෙහි බලපෑමක් වී ඇත්තේ ඉතා සුලු වශයෙන් බව පවසන ඒ නිලධාරීන් යාපාන්යේ වැඩි වශයෙන්ම බියර් අලෙවි වූ නල්ලූර් හා වේලනෙයි යන පළාත් වල මේ වන විට බියර් අලෙවිය ඉතා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවද සදහන් කරයි.
යාපනය නගරයේ පමණක් මත්පැන් අලෙවි සැල් 13 ක් ද මත්පැන් පමණක් අලෙවි කරණ හෝටල් 6 ක්ද මත්පැන් ආහාර හා කාමර පහසුකම් ලබා දෙන ස්ථාන 5 ක් ද ඇති බව සුරා බදු නිලධාරීන් සදහන් කරයි.







