මාතර – සම්පත්-
දික්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිරිකැටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනකු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු පොත මගින් තරුණ තරුණියන් හඳුනාගෙන නිරෝධායන නීති රීති කිසිවක් නොතකා මෙම ෆේස්බුක් සාදය සංවිධානය සංවිධානය කර පවත්වාගෙන යන පවත්වා ගෙන යන අතරතුර දී පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත. දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම ෆේස්බුක් සාදයට කොළඹ සීදුව මීගමුව හලාවත ජාවත්ත වැනි ප්‍රදේශ ඇතුළු දිවයිනේ නන්දෙසින් තරුණ තරුණියන් හැත්තෑවක් පමණ සහභාගිවී සිටි අතර නිරෝධායනය නීති උල්ලංඝනය වන පරදි හැසිරී තිබේ .
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ දී අවස්ථාවේ දී කොළඹ සීදුව ප්‍රදේශයේ පදිංචි 27 තරුණයෙකු සන්තකයෙහි හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 680ක් කේරළ ගංජා මිලිග්රෑම් 10300 ක් සහ ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 28 තරුණයා සන්තකයේ ගංජා 13200ත් තිබී අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ සැකකරුවන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර සාදයට සහභාගී සෙසු තරුණ තරුණියන් හැත්තෑවකට පමණ පොලිසිය දැඩි අවවාද කර මුදා හැර ඇත .
මෙම සාදයට සම්බන්ධ වී ඇති බොහෝ තරුණියන් වයස අවුරුදු 25 ට අඩු වූ ආයෙ බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර බොහෝ දෙනෙකු අඩ නිරුවත් වස්ත්‍ර ඇඳගෙන සිටි බවත් ඔවුන්ට ද තරුණ ජීවිත අකාලයේ විනාශ කර ගැනීම පිළිබඳ ව පහදා දෙමින් දැඩි අවවාද කර මුදා හැර තිබේ.
පොලිසිය දැඩි අවවාද මත බොහෝ තරුණයන් ලැජ්ජාශීලි ව බිම බලා සිටි අතර බොහෝ දෙනකු මෙම වරද තවදුරටත් සිදු නොකරන බවට පවසා සමාව ඉල්ලා තිබේ.
මත්ද්‍රව්‍ය සන්තකේ තිබූ සැකකාර තරුණයන් දෙදෙනා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ගේ සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධනගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර පොලිස් සැරයන් 56615 සුනිල් පොලිස් සැරයන් 6403 වීරසිංහ පොලිස් සැරයන් 370066 පතිරණ පොලිස් සැරයන් 55836 ක්‍රිශාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස් කොස්තාපල්86160 වසන්ත පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක් විය.







