මරණීය දණ්ඩනය නියමව සිර ගතව සිටින රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ හැකියාවක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කළ අද ( 30) සන්ඩේ ටයිම්ස් පුවත් පත ප්‍රේමලාල් ජයසේකර තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට යාමට අවසර ඉල්ලා ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ මතය විමසා ඇති බවය. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් මෙම ගැටලුව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රි ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 ඩී සහ 91 (1) (ඒ) වගන්තිවලට අනුව මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වීම සඳහා සුදුසුකම් නොලබන්නේය. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව ට දන්වා තිබේ.
කෙසේ වුවද දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින මඩකලපුවෙන් පාර්ලිම්න්තුවට පත් වූ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු පැමිණීමට වරම් හිමි අතර ඔහුට මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට බාධාවක් නොවුණේ ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින, එමෙන්ම වැරදිකරුවකු බවට තහවුරු වූ අයකු නොවන නිසා බවද සඳහන් වෙයි.
2015 ජනාධිපතිවරණ සමයේදී පැල්මඩුල්ලේදී මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ රැස්වීමකට වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ මරණීය දණ්ඩනයට නියම ව ඇත. ජයසේකර මෙවර මහමැතිවරණයෙන් මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඔහු පාර්ලිමේන්තු සැසියට සහභාගී කරවන ලෙස නව කථානායක මහින්ද යාපා අබේවර්ධන බන්ධනාගාර දෙපාර්තමේනතුවට නියෝග කළ ද අදාල නීතිපති උපදෙස් අනුව ඔහු මන්ත්‍රී ධුරයට පත් වීම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවට මේ වනවිට ලැබී ඇති උපදෙස් හේතුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතියේදී සාකච්ඡා කෙරෙනු ඇති බව ආරංචි මාර්ගසඳහන් කරයි.