දිනසේන රතුගමගේ –
යාපනයේ පාන් මිල රුපියල් 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පෙර සේම රුපියල් 200 බැගින් පාන් ගෙඩියක් අලෙවි කරන බවත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් පවසයි.
පාන් නිපදවීමට අවශ්‍ය තිරිගු පිටි ප්‍රීමා සමාගම විසින් මිල ඉහළ දමා නොමැති බව කී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිගු පිටි මිටියක් රුපියල් 12500 ක්ට ලබා දෙන බවද පැවසීය.
කොළඹ බේකරි හිමියන්ට වෙනත් සමාගම්වලින් හා ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන තිරිගු පිටි වල මිල ගණන් ඉහළ යාම නිසා ඔවුන් පාන් ගෙඩියක මිඅ රුපියල් 300 ක් දක්වාද සෙසු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඊට සරිලන ආකාරයට ඉහළ දැමූවද යාපනයේ කිසිම පළාතක පාන් හා සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බව ද යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් කීවේය.