අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රම්පේ කොලයේ අප නොදත් විස්මය..එය  රසකාරකයකට එහා ගිය විශිෂ්ට ආහාරයක්…

by editor
සැප්තැම්බර් 4, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

  ගැමුණු සාලිය –

රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus  amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබා දෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේවලට බොහෝ දෙනෙකු කැමතියි.

මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා ගිය අරමුණු රාශියකට රම්පේ භාවිත කළද ශ්‍රී ලංකාව තුළ රම්පේ ජනප්‍රිය වෙලා තියෙන්නේ ආහාර රසකාරකයක් විදියට පමණයි.

Rampa

රම්පේවල ගුණ –

එහෙත් මෙම ශාකයේ  ආහාරමය සහ ඖෂධීය ගුණ පිලිබඳ ශතවර්ෂ ගණනාවක් තිස්සේ විශේෂයෙන් අග්නිදිග ආසියානු රටවල්වල සඳහන් කෙරී ඇති අතර, නවීන විද්‍යාව එහි ප්‍රතිලාභ පිළිබඳව වඩාත් පුළුල් ලෙස පර්යේෂණ කිරීමට පටන් ගෙන ඇත්තේ මෑතකදීයි.

රම්පේ පිළිබඳ සිදුකර තිබෙන මූලික පර්යේෂණ මගින් එහි සෞඛ්‍යයට  සහායවන වැදගත් විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. රම්පේ කොල ග්රෑම් 100ක දෛනික යකඩ අවශ්යතාවයෙන් 32%ක්, කැල්සියම් 10%ක්, පොස්පරස් 9%ක් අඩංගුවන අතර, ඒ විටමින් (බීටා කැරොටින්) 43%- 80% ක් අතර ප්රමාණයක් සහ ප්රෝටීන ග්රූමි 2 ක්ද, තවත් ක්ෂුද්‍ර පෝෂක බොහෝ ප්‍රමාණයක් ද අඩංගු වෙයි. ඒ අනුව රම්පේ කොළ ආහාර සුවඳවත් කිරීමට පමණක් නොව කෙලින්ම කෑමට ගත හැකි ආහාරයක් බව පෙනී යනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රම්පේ සාරය පිලිබද සිදු කර තිබෙන මූලික ගුණාත්මක රසායනික අධ්‍යනවලින් පෙන්නුම් කර  ඇත්තේ මෙහි ඖෂධීය ගුණවලට හේතුවිය හැකි ශාක රසායනික ද්‍රව්‍යයන් බොහෝ ප්‍රමාණයක් තිබෙන බවයි. මෙම රසායනික ද්‍රව්‍ය, ආතරයිටිස් , දියවැඩියාව, හෘද රෝග ,ප්‍රජනන සරුභාවය , ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවනාශක ගුණවලට හේතුවිය හැකි බවට ඇතැම් පර්යේෂණ මගින් යෝජනා කර තිබෙනවා. (මානව පර්යේෂණ තවදුරටත් අශ්‍යව ඇත.)

රම්පේ කෑමට ගන්නා විධි

මැලේසියාව තායිලන්තය වැනි රටවල්වල ආහාර සුවඳවත් කිරීමට අමතරව රම්පේ විවිධ ක්‍රමවලට ආහාරය සඳහා සකස් කර ගනු ලබන බව පෙනී යනවා. එම රටවල්වල රම්පෙ කොල තේ  සහ යුෂයෙන් සැකසූ විවිධ පාන වර්ග ජනප්‍රියව පවතිනවා. කොළ යුෂයෙන් සහ වියලා අඹරාගත් කුඩුවලින් ආහාර බොහෝ ප්‍රමාණයක් සකස් කර ගන්නවා.

අපේ රටේ කෙසෙල් කොලේ ආහාර දවටන ආකාරයට රම්පේ කොලවල ඔතල කෑම හදනවා. රම්පේ යුෂයෙන් සහ කුඩුවලින් පැණි, කිරිබත්, කේක්, පෑන් කේක්, පුඩින්, ජෙලි, අයිස්ක්රීම්, බිස්කටි, කුකීස්, නූඩිලස් වගේ කෑම ජාති විශාල ප්රමාණයක් සකස් කරනවා.

තවද, රම්පේ  නිස්සාරණයෙන් සාදනු ලබන තෙල් ආතරයිටිස් රෝග ලක්ෂණ සහ හිසරදය සමනය කිරීමට හේතු විය හැකි ෆයිටොකෙමිකල් වලින් පොහොසත් බවත් පෙනී ගොස් තිබෙනවා. ආහාර තෙල්වල බැදීමේදී එයට රමිපේ කොළ එක් කිරීම නිසාවෙන් ඒවා මුඩු නොවී කල් තබා ගැනීමට ඉවහල්වන බව තවත් පර්යේෂණයකින් සනාථ වී තිබෙනවා.

රම්පේ විශිෂ්ට තාප ස්ථායී ප්‍රතිඔක්සිකාරක ගුණයක් පෙන්නුම් කරන බැවින් ආහාර කර්මාන්තයේදී ආහාර කල් තබා ගැනීමට භාවිත කළ හැකි වෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන කුණු පොහොර ගනුදෙනුව යට සිටි  ශෂීන්ද්‍රලාගේ  නිරුවත  විගණනය හෙළි කරයි…

Next Post

යාපනයේ පාන් මිල ඉහළ යන්නෙ නෑ… යාපනයේ බේකරි හිමියෝ සහතික වෙති!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

Comments 1

  1. Amal Udawatta says:
    වසර 4ක් ago

    ඉතාමත් වටිනා තොරතුරු තිබෙන මහජනයා දැනුවත් කරන වෙබ් පිටුවක් ලෙසට මාධ්‍ය වේදියෙක් ලෙසට මම අගය කරනවා.

    අමල් උඩවත්ත

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.