දිනසේන රතුගමගේ –
යාපනයේ ඌර්කාවතුරෙයි මුහුදු වෙරළට ගොඩ ගැසූ අඩි 14 ක් දිග ඩොල්ෆින් වර්ගයේ මත්ස්‍යයෙකු වෙරළට ගොඩගසා පැය දෙකකට පමණ පසුව අද (13) මියගොස් තිබේ.

මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයින් පිරිසක් විසින් මෙම මත්ස්‍යයා දැක ඒ පිළිබදව පොලීසියට හා ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැනුම් දී ඇත.
එම නිලධාරීන් මත්ස්‍යා ගොඩට රැගෙන විත් ප්‍රතිකාර සදහා යොමු කොට තිබේ.
මෙම ඩොල්ෆින් මත්ස්‍යයාගේ සිරුරේ තුවාල කීපයක් දක්නට ලැබුණු බවත් යාත්‍රාවක එන්ජිමේ කොටස් වලට හසු වී ඒ අන්දමට තුවාල ලබන්නට ඇති බවත් ප්‍රකාශ කළ ධීවර පරීක්ෂක නිලධාරීන් එම ඩොල්ෆින් මත්ස්‍යයා පැය දෙකකට පමණ පසුව මියගිය බවද ප්‍රකාශ කළේය.
මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයාගේ සිරුර මිහිදන් කිරීමට ධීවර පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.







