අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේ දී පැවති උත්තරසභාවේ මහනුවර දිස්ත්‍රික් දේශපාලන රැස්වීමකට බරපතල විරෝධතාවයක් එල්ල වීම නිසා ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, වයෝවෘධ වාමාශිකක දේශපාලන නායකයන්වන වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ ඇතුළු දේශපාලඥ කණ්ඩායම බරපතල අපහසුතාවයට පත්වූයේය.
එම විරෝධය මහනුවර තරුණ කණ්ඩායමක් විසින් එල්ල කර තිබිණි.
දේශපාලන රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණ පිරිසකගෙන් මෙම දැඩි විරෝධය එල්ල විය. 
මෙම දේශපාලකයින් පිරිසට රැස්වූ තරුණ කණ්ඩායම හූ කියමින් ඉතාමත්ම සැඩපරුෂ ආකාරයෙන් බැණ වදින්නට වූහ. එම පිරිස කෑ ගසමින් කීවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැනි පුද්ගලයින් මේ පවතින විනාශයට වගකිව යුත්තන් බවය.
මහින්ද සුළඟ ආරම්භක සාමාජිකයන් වී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට රට භාරදී එම විනාශකාරී ආණ්ඩුවේ ඇමතිධූර දරමින් රට විනාශටයට දැක්කූ බවය.
දැන් මේ පිරිස ආණ්ඩුවෙන් එළියට බැස ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු නොවීම හේතුවෙන් බව එම පිරිස කීහ.
මේ පුද්ගලයින් නැවතත් ජන බලවේග හදමින් ජනතාව ගොනාට අන්දමින් ජනතාවගේ කරමතින් පාර්ලිමේන්තුවට ගොස් සිය මඩිය තරකර ගැනීමට උත්සාහ දරනු විනා රටට, ජාතියට සිදුකරන යහපතක් නැති බවය.
මේ ප්රකෝපකාරී අදහස් ප්‍රකාශ කිරීම් තුළ දෙපාර්ශවය අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූයේය.
ඒ විරෝධය අතර අනෙක් කණ්ඩායම එතැනම සිටිය දී විමල් වීරවංශ සිය ආරක්ෂකයින් සමග රථයෙන් නැගී එම ස්ථානයෙන් පිටවී ගියේය.
එහෙත් වයෝවෘධ දේශපාලකයින් වන වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුලින් එලියට පැමිණීමට නොහැකිව ශාලාව තුළම සිර වී සිටියහ.
දැන් දෙපාර්ශ්වය අතර තත්ත්වය උණුසුම්ය. වාසු හා තිස්ස විතාරණ ශාලාව තුළය. මේ දෙදෙනාට එළියට එන්නට සිදුවූයේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේය. කලක් බොහෝ ජනතා බහුමානයට පාත්‍ර වී සිටි මේ දේශපාලඥයින් දෙදෙනා අද තම වාහන වලට නැග පිටවී ගියේ තිත්ත කතා වැස්සක මතු වී ආ දැවැන්ත හූ හඬක් මධ්‍යයේය. .
මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය විනාඩි 15 කටත් වැඩි වෙලාවක් තිස්සේ පැවතුනේය. විශේෂත්වය වන්නේ එහි සිටි පොලිස් නිලධාරීන් තත්ත්වය සමනය කිරීමට ඉදිරිපත් නොවී රාජකාරි පසෙක ලා පසෙකට වී නිහඬව බලා සිටීමය.
දේශපාලඥයන් පිටව ගිය පසු එම ස්ථානයේ උණුසුම පහව ගිය අතර එවිට පොලිස් නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ.







