දිනසේන රතුගමගේ –
යාපනය නගරයේ අයාලේ යමින් සිටි සුනඛයෙකු මේ වන විට විදේශිකයෙකු ඇතුලු පුද්ගලයින් 11 දෙනෙක් සපා කා ඇතත් එම සුනඛයාව අල්ලා ගැනීමට යාපනය මහ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් අපොහොසත් වී සිටිති.
අවසන් වරට 27 වෙනිදා ද යාපනය නගරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙක් මේ සුනඛයා විසින් සපා කා තිබේ.
සුනඛයාගේ අයිතිකරු හෝ ඒ පිළිබදව විස්තර කිසිවක් නොදන්නා නිසා සුනඛයා සපා කෑ පුද්ගලයින් 11 දෙනාටම යාපනය ශීක්ෂණ රෝහලට ගොස් ජලහීතිකා රෝග නිවාරණ එන්නත ලබා ගැනීමට සිදුව තිබේ.
අයාලේ යන සුනඛයෙකු අල්ලා ගැනීමට නගර සභාවේ නිලධාරීන්ට හෝ සේවකයින්ට නොහැකි වීම ගැන යාපනයේ ජනතාව යාපනය මහ නගර සභාව පිළිබඳව දැඩි අප්‍රසාදයකින් යුතුව පසු වෙයි.







