පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතුළු මහවැලි බී කලාපයට අයත් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැති වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීමට ගෙන්වා ගත් යන්ත්‍ර සූත්‍ර වලට ඉන්ධන නොමැති කමෙන් මහවැලි ගොවීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති,
මනම්පිටිය, වැලිකන්ද, සෙවනපිටිය, අරලගංවිල, ඇතුළු මහවැලි බී කලාපයට අයත් ඉන්ධන පිරහුම්හල් වල දින කිහිපයක සිට ඩීසල් නොමැතිකම නිසා වී අස්වනු නෙලන යන්ත්‍ර සූත්‍ර වලට ඉන්ධන නොමැති වීමෙන් තමන්ට වී අස්වනු නෙළා ගැනීමටත් අපහසු වී ඇති බවද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
28 වෙනිදා වනවිට දිඹුලාගල කෙත් යායේ වී අස්වනු නෙළමින් සිටි යන්ත්‍ර සූත්‍ර සඳහා ඩීසල් නොමැති වීමෙන් එම යන්ත්‍ර සූත්‍ර වෙල් යායේම නතර වී තිබූ ආකාරය ද අපට දැකගත හැකි විය.
මෙම තත්වයත් සමග පළාත්වලින් ගොයම් නෙළීමට ගෙනා යන්ත්‍රසූත්‍ර රැසක් ඩීසල් නොමැති කමෙන් අතරමග නතර වී ඇති බවත් ,යන්ත්‍රසූත්‍ර හිමිකරුවන් සඳහන් කරති,
මහවැලි බී කලාපයේ ඇතැම් පෞද්ගලික ඉන්ධන අලෙවිකරුවන් ඉන්ධන පිරවුම් හල් වලින් මීට පෙර ලබාගත් ඉන්ධන බී කලාපයේ යන්ත්‍රසූත්‍ර සඳහා වැඩි මිලට අලෙවි කරමින් සිටින බවද එම යන්ත්‍රසූත්‍ර හිමිකරුවන් පෙන්වා දෙති.