පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අමාත්‍යධුර දැරූ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දෙනෙකුට තවමත් යාන වාහන ඇතුළු වරප්‍රසාද හිමිවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.
මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාම දකුණු පළාත නියෝජනය කරන අතර ඉන් එක් පුද්ගලයකුට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ තනතුරු සංශෝධනය කිරීමේ දී ඉහළ පෙළේ තනතුරක් ලද පුද්ගලයකු බවද සඳහන් වේ.
මෙම දේශපාලකයන් දෙදෙනා පසුගිය මහ මහමැතිවරණයේදී පරාජයට පත් වුවද රජයේ පාර්ශවය විසින් ලබා දෙන ලද වාහන තුනක් තවදුරටත් ඔවුන් සතුව පවතින අතර ඒ සඳහා වර්තමාන රජයේ ප්‍රබල දේශපාලකයන් කීප දෙනෙකු තම උපකාරය ලබා දෙන බව වාර්තා වේ.
මෙයින් එක් පුද්ගලයෙකුට වාහන දෙකක් ලබාදී ඇති අතර අනෙක් පුද්ගලයාටද එක් වාහනයක් ලබා දී ඇත.
පසුගියදා පැවති පක්ෂ ප්‍රතිසංවිධාන රැස්වීමට මෙම එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා පැමිණ ඇත්තේද රජය විසින් ලබාදුන් සුඛෝපභෝගී වාහනයකින් බව වාර්තා වේ.
වර්තමාන රජය පක්ෂයේ සිටියදී ඔවුන් මුහුණ දුන් විවිධ අධිකරණ ක්‍රියාමාර්ග, දූෂණ චෝදනා ආදිය හමුවේ සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීම සඳහා එවකට රජයේ පාර්ශ්වයෙන් ලබා දුන් සහායට ප්‍රතිඋපකාරයක් වශයෙන් මෙම වරප්‍රසාද ඔවුන් වෙත හිමි වන බව සඳහන් වේ.









