පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශය තහවුරු තහවුරු කර තිබේ.
පකිස්තාන අගමැතිවරයා මෙම කාලය තුළ කොළඹ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා කිරීමට නියමිත ය.
විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉම්රාන් ඛාන් අගමැතිවරයා ශ්‍රි ලංකාවට එරෙහිව මෙරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් විමට නියමිත යෝජනාවලියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස මුස්ලිම් රටවල් අතර ව්‍යාපාරයක් කරගෙන යාමේ නායකත්වය දරන බවය.
ශ්‍රි ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ද පෙබරවාරි මස 23 වැනිදාය.
එම යෝජනාවලිය සාකච්ඡාවකට ගන්නා කාලයේදී මුස්ලිම් රටවල් ශ්‍රි ලංකාවට සහය පළ කිරීම සඳහා එක් කර ගැනීමට ඔහු විසින් මුල පිරීමේ සූදානමක් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සංචාරය මීට කලින් යෙදී තිබුණද එය යම් හේතූන් නිසා මෙම සංචාරය ප්‍රමාද වූ බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.