මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩු වලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සීදූවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (17) මෙම නීති විරෝධී ජාවාරම වැටලීමකට ලක් කර තිබිණි.
මොටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නීත්‍යානුකූල ලියවිල්ලක් හෝ බලපත්‍රයක් නොමැතිව එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩු වලට සමාන ව්‍යාජ අංක තහඩු මුදලට විකිණීම සඳහා සකස් කර තිබිය දී එම අංක තහඩු 19ක් සමග ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය අවුරුදු 57 ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක්, පරිගණක යන්ත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු සැදීමට යොදාගන්නා හිස් අංක තහඩු /ස්ටිකර් /රාජ්‍ය ලාංඡන සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







