මොරටවු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ මහාචාර්ය ඒකකය කළුතර නාගොඩ රෝහලේ ස්ථාපිත කිරිමට පසුගියදා වත්මන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය වීමත් සමඟ වෛද්‍ය පීඨයේ පීඨාධිපති එයට දැඩිලෙස විරෝධය පළකර ඇති බව වාර්තාවේ.
මහාචාර්ය ඒකකය කලුතර නාගොඩ රෝහලේ ස්ථාපිත කිරිමට මෙම සාකච්ඡාවේදි කැමැත්ත පලකළ සෞඛ්‍ය නිලධාරින්ට දුරකථනයෙන් කථාකරමින් සිය අප්‍රසාදය පළ කර ඇති බවද එම වාර්තාවන් වැඩිදුරටත් සඳහන් වේ.
පීඨාධිපතිවරයාගේ තීරණය වන්නේ මොරටු වෛද්‍ය පීඨයේ මහාචාර්යය ඒකකය නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ ස්ථාපිත කළ යුතු බව වන අතර මොහු වසර හතරක් පුරාවට මෙම ඒකකය කලුතර රෝහල තුළ ස්ථාපිත කිරිමට ඉඩ ලබා දී නොමැති බවද පැවසේ.
මොරටු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය ශිෂ්‍යයින් සීමාවාසික පුහුනුව සඳහා යොමු වන්නේද කලුතර නාගොඩ රෝහලටවන නමුත් එම රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරිමට මෙම පීඨාධිපතිවරයා අවසර දී නොමැත
අවුරුදු 65ක් පමණ වයසැති මෙම මහාචාර්යවරයා රනිල් වික්‍රමසිංහ රජය තුළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් පීඨාධිපති තනතුරට පත්වී ඇති බවද පැවසේ.







