ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය අතරතුර විනය ගරුක පාර්ලිමේන්තුවක් සම්බන්ධයෙන් රටේ ඇති කළ විශාල සංවාදය පලුදු කරමින් යාපනයේ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වූ නවක බාල්දිකාර මන්ත්‍රී රාමනාදන් අර්චුනා තමන්ට පහර දුන් බව කියමින් පාර්ලිමේන්තුව තුළ අප්‍රසන්න හැසිරීමක් ප්‍රකට කළේය.
අද සවස ශේෂා විතානගේ මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කරන්නට පෙර සි නැගී සිටි රාමනාදන් අර්චුනා චෝදනා කළේ ඔහුට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනෙත් සංජය විසින් පහර දුන් බවය. බාධා කරමින් සිය අවස්ථාව ලබාගෙන මෙසේ පැවසුවේය.
“මට වෙච්ච සිද්ධියක් මට අනිවාර්යයෙන් කියන්න ඕන. මම පලවෙනි සැරේ මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා. මම දැන් කතා කරන්න ගියා විපක්ෂ නායකගේ ඔෆීස එකට. මට වෙන් කරපු වෙලාව බලන්න. එතකොට මේ සුනෙත් කියන පුද්ගලයා මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුළෙ සිද්ධ වෙනවා නම් කොහොමද අපි පාරවල්වල යන්නේ. ” බාධා කිරීම් මධ්‍යයේ අර්චුනා ආවේගයෙන් කතා කරන්නට වූයේය.
“මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය කරලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවාද ? නැද්ද ? කියලා අහන්න ගියා. එතන නිලධාරීන් හිටියා. ඔවුන් වෙනත් කාමරයකට මාව එක්කන් ගියා. ඒගොල්ලෝ කිව්වා හෙට හවස 4ට වගේ මට දෙන්න පුළුවන් කියලා.”
“මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා.”
“එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට මෙයාට ගහන්න ඕනේ නැහැ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නැහැ.” මූලාසනයේ සිටි මන්ත්‍රීවරිය පැවසුවේ මේ සිද්ධිය කතානායකවරයාට දැනුම් දෙන ලෙසය.
“මේ පුද්ගලයා මට ගැහුවා අර පුටු සිද්ධිය නිසා. මම ඩොක්ටර් කෙනෙක්. ” පාර්ලිමේන්තුව තුල අර්චුනා සහ සුනෙත් සංජය බැන ගනමින් සිටියේය. මූලාසනයට ඔවුන් පාලනය කර ගත නොහැකි වූයේය.
මේ අවස්ථාවේ දී නැගී සිටි නලීන් ජයමහ මන්ත්‍රීවරයා කීවේ මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධව කතානායකවරයාව දැනුම්වත් කළ බවය. ඔහු මෙසේ කීවේය.
“මේ මන්ත්‍රී තුමා යාපනයේ ස්වාධීන මන්ත්‍රීතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් විපක්ෂ නායක ලේකම් තුමා ඉදිරියේ බොහෝම අශෝභන විදිහට හැසිරුනා. ඔහු නොගැලපෙන වචන කුනුහරප කිව්වා. ඒ සම්බන්ධව අපි කතානායක තුමාට පැමිණිල්ලක් කරලා තියනවා. සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ. මේ ගැන ඔබතුමිය වෙනම පරීක්ෂණයක් කරන්න. ගැලපෙන්නේ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ තියන්න එපා. වෙන තැනක වාඩි කරන්න”
මේ අතර සුනෙත් සංජය මන්ත්‍රීවරයා අර්චුනාගේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
“මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා මම එතුමාට පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා.
එම සිද්ධිය දිවෙන අතරතුරේ දී පාරලිමේන්තුවේ සිය මංගල කතාව කරමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර කිව්වේ මංගල කතාව සිද්ධ කරන්න උනේ දැඩිකලකිරිමකින් බවය. අපි දකින්න බලාපොරොත්තු වෙච්චි පාර්ලිමේන්තුවපිළිබඳ ප්‍රාර්ථනාව මේ මොහොතේදීම බිඳ වැටීම පිළිබඳ දැඩි ලෙස කම්පාවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.







