සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංවර්ධන නිලධාරින්ට ගහන්න රජය විසින් පොලිසිය මෙහෙයවූයේ නෑ… අගමැතිනිය පැහැදිලි කරයි!

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවර්ධන නිලධාරින් ගේ උද්ඝෝෂණය මර්ධනය කිරීමට රජය විසින් කිසිම මෙහෙයවීමක් සිදු නොකළ බවත්, සිදුවූයේ ඒ අවස්ථාව තුළ නිර්මාණය වූ තත්ත්වය මත පොලිසිය ගත් ක්‍රියාමාර්ගයක් බවත් අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය අද විපක්ෂයෙන් එල්ලවුන බරපතල විවේචනවලට පිළිතුරක් දෙමින් ස්වකීය පැහැදිලි කිරීම කළාය.

වීදි සටන් කරමින් ජනතාව ආවේගශීලී කරමින් පාර්ලිමේන්තුවට පැමිණි කම්කරු නායකයන් විශාල ප්‍රමාණයක් සහිත ආණ්ඩුව ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුන තරුණ සංවර්ධන නිලධාරීන් පිරිස මර්ධනය කිරීමට ක්‍රියාකළ ආකාරය දැඩි අපේක්ෂා භංගත්වයක් ඇති කරන බව විපක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවේය. එමෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවස්ථා කීපයක දී මේ ගැන ප්‍රශ්න කළේය. විපක්ෂ නායකවරයා සිය කතාව ආරම්භ කළේ ද මේ සිද්ධිය මතුකරමිනි.

ඒ සියල්ලන්ටම පිළිතුරු දෙමින් අගමැතිවරිය පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවාය.

ඊයේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට කැබිනට් මණ්ඩලය රැස් වෙමින් මේ ගැන කැබිනට් එක කතා වෙමින් තිබ්බේ. මේ ප්‍රශ්නයට මගේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක අනුමත වුනා. ඒක සිද්ධවන අතරෙ තමයි ඔය උද්ඝෝෂණය සිද්ධ වුනේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ වගේම ඊට මාසෙකට කලින් මම මේ සංවර්ධන නිලධාරීන් නියෝජනය කරන කණ්ඩායම් දෙකක් මුණගැහුනා දෙවතාවක්. ගිය සතියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් එක්ක රැස්වීමක් තිබිලා මේ පිළිබඳව අප කිව්වා ඔවුන්ට අසාධාරණයක් වෙලා තියනවා… නමුත් අපෙන් නෙමයි. පෙර ආණ්ඩුවලින්. නමුත් ඒක විසඳන්න මැදිහත් වෙනවා කියන සාකච්ඡාව ඔවුන් එක්ක ගත්තා.

ඒක පදනම් කරගෙන තමයි අපි ඊයේ කැබිනට් එකට යෝජනාවක් ඉදිරිපත් කළේ. කිසිසේත්ම ඔවුන්ගේ උද්ඝෝෂණයට විරුද්ධව අපි පොලිසියවත් මොකක්වත් යෙදෙව්වෙ නෑ. ඒ අවස්ථාවේ එතැන ඒ අවස්ථාවේ ඇතිවුන තත්ත්වයත් එක්ක පොලිසිය ගත්ත ක්‍රිියා මාර්ගයක් තිබ්බා. ඒක උද්ඝෝෂණය මර්ධනය කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියන එක මම අවධාරණය කරන්න ඕන.

ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය සහ සමස්ථ රාජ්‍ය සේවය තුළ විටින් විට සැලසුමක් නැතිව අරගත්ත සියලුම කණ්ඩායම්වලට විසඳුමක් සෙවීම සඳහා අප මැදිහත් වෙනවා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලබල විය යුතු නෑ අපට සැලසුමක් නෑ කියලා.. අපට සැලසුමක් තියනවා. ඒ සැලසුම අනුව අප ක්‍රියාත්මක වෙනවා. අපි මෙතන පත් වෙලා තියෙන්නේ මොකක් වෙනුවෙන් ද කියන අවබෝධය අපි සියලු දෙනාටම තියනවා. ඒ සියලු දේ තුළ තමයි අපි වැඩ කරන්නේ කියන එක අපි අවධාරණය කරනවා.”

මේ සම්බන්ධව ඉන් පෙර අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්දවංශ ජයසිංහ ප්‍රකාශ කළේ ගුරුවරයෙක් බඳවා ගැනීම සඳහා පැහැදලි නිර්ණායක සහිත ගුරු සේවා ව්‍යවස්ථාවක් ඇති බවත් ඉන් පිටත කටයුතු කිරීමේ නෛතික අවස්ථාවක් නැති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංවර්ධන නිලධාරීන්ගේ අර්බුදයට තිරසාර විසඳුමක් සෙවීමට ආණ්ඩුව වැඩ අරඹයි!

Next Post

මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහලේ පිහිටුවීමට පීඨාධිපතිවරයා එරෙහි වෙයි… නෙවිල් ප්‍රනාන්දු රෝහලම ඕනලු… වෙන එකකවත් බෑ ලු…..

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.