සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොඩර්නා එන්නතේ සැඟවූ “අද්භූත සංයෝගයක“ “අදෘෂ්‍යමාන බලය“ වින්දනය කරන නුවර මිනිස්සු

by editor
ජූලි 23, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

මහනුවර ප්‍රදේශයේ ජනතාවට සිදු කෙරෙන එන්නත්කරණයේදි ලබා දෙන මොඩර්නා එන්නත පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් යයි. විශේෂයෙන් මහනුවර ජනතාව අතර මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර එයින් කියවන්නේ ඇමෙරිකාවේ හදන මොඩර්නා එන්නත ලබා නොගන්නා ලෙසය.

එසේ පළවන එක් වීඩියෝවක මෙම මොඩර්නා එන්නත මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ගේ සම්පූර්ණ ආයෝජනයෙන් සිදු කෙරන එකක් බවත් එයට අන්තර්ගත කොට ඇති එක්තරා සංයෝගයක් එන්නත හරහා අපේ සිරුරුවලට ඇතුළු වන අතර එමගින් යමකුට මහනුවර මිනිසුන්ගේ පාලනය තනි ස්ථානයකට ගත හැකි මට්ටමක් ඇති විය හැකි බවටද අනතුරු ඇඟවීය. මේ වනවිට මේ ප්‍රචාර යවන අය සොයන ලෙස සහ නුවර වෛද්‍ය නීති අංශයේ ප්‍රධානියා පොලිසියේ පැමිණිල්ලක් ද දමා ඇත. එයට හේතුව ඇත්තේ මේ ප්‍රචාර නිසා ජනතාව තුළ ඇතිව තිබෙන ව්‍යාකූල භාවයයි.

ශ්‍රි ලංකාවටම එක ගුරුවරයකුගෙන් ඔන්ලයින් ඉගැන්විය හැකි බව විශ්වාස කරන, වත්කම් හෙළිකරගත නොහැකි දූෂිතයන්, හන්තානේ රක්ෂිතයේ ඉඩම් විලි ලජ්ජාවක් නැතිව තමන්ට ලියා ගන්නා පුද්ගලයින් රටේ නිති හදන තැනට යවන මහනුවර ජනතාව තවත් අදිසි බලවේගයකින් පාලනය කිරීමක් අවශ්‍යද යන්න සැක සහිත වුවද අප මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව විමසන්නට උත්සුක වූයේමු.

මොඩර්නා එන්නත විවේචනය කරන්නන් එයට අල්ලාගෙන තිබෙන සංයෝගය වන්නේ එස් එම් 102 (SM 102) නැමැති සංයෝගයයි. මෙම සංයෝගය ශරීරයට ඇතුළු වී, ජංගම දුරකථනවල 5G තාක්ෂණය පැමිණි කල මිනිසුන් අදිසි පාලනයකට ලක් කළ හැකිය යන්නය. මේ ප්‍රචාර නිසා මේ වනවිටත් මහනුවර ජනතාව යම් කැලඹීමකට ලක්ව ඇත. එන්නත විදගත් මිනිස්සු අවිනිශ්චිතතාවෙන් පසුවෙති.

නුවර ඇත්තන්ට ලබා දුන් මොඩර්නා එන්නත නිපදවෙන්නේ ඇමෙරිකාවේය. ඒ මැසචුසෙට්ස් හි ප්‍රධාන කාර්යාලය කර ගත් මොඩර්නා සමාගමය. මෙම සමාගමට අරමුදල් සපයන්කෙන් බිල් ගේට්ස් බව කියවුණද එහි බිල්ගේස්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු කර ඇත .

ලෙබනන් ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් සහිත නවුබාර් අෆෙයාන් ගේ ප්‍රධාන ආයෝජනය මත මෙම සමාගම 2010 වසරේ බිහි වන්නේ තවත් ජෛව විද්‍යාඥ කණ්ඩායමක්ද එහි නිර්මාතෘන් ලෙස හවුල් කර ගනිමිනි. වසංගතය හටගත් කාලයේදීම එන්නතක් නිපදවීමේ පර්යේෂණවලට අවධානය යොමු කළ මොඩර්නා සමාගමට එය භාවිත කළ හැකි ඖෂධයක් ලෙස අදාළ බලධාරීන්ගෙන් මුල් වරට සහතික කර ගන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය.

මෙහි අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වන්නේ කොවිඩ්වලට හේතුවන වෛරසයේම ප්‍රවේණික ද්‍රව්‍ය නිස්සාරණයෙන් නිපදවන ලද ප්‍රෝටීනයකි. රෝග කාරක වෛරසයට එරෙහිව අප සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කරවන ප්‍රතිදේහ නිපදවන්නේ මෙමගිනි. ඊට අමතරව මෙම එන්නතේ පවතින සෙසු අන්තර්ගතයන් වන්නේ සෝඩ්යම් ඇසිටේට, සුක්රෝස්, ට්‍රෝමිතමයින් හයිඩ්‍රොක්ලෝරයිඩ්, ඇසිටික් අම්ලය, කොලෙස්ටෙරෝල්, තවත් රසායනික සංයෝග දෙකක් සහ එස්එම් 102 නම් සංයෝගය අඩංගු වෙයි.
ලෝකයේම සෙවීමට බැලීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ඇල්ම බැල්ම යොමුව තිබුණේ එහි අන්තර්ගත අක්‍රිය සංයෝගයක් වන එස්.එම් 102 වෙතය. ඇතැම්හු එය ක්ලෝරීන් සමඟ එක් කළ සංයෝගයක් බව ප්‍රකාශ කළහ. මේ සමාජ මාධ්‍ය ප්‍රචාරය ලෝකය පුරා පැතිරුණේ කොවිඩ් වෛරයටත් වඩා වේගයෙන්ය.

මේ නිසාම කරුණු නිරවද්‍යතා පරීක්ෂා කරන්නෝ අන්තර්ජාලය පමණක් නොව එන්නත් නිෂ්පාදනය සහ ජෛව රසායනයට අදාළ විද්‍යාගාර පීරා මේ එස්.එම් 102 සංයෝගය ගැන සොයන්නට පටන් ගත්හ. ඒ සොයාගැනීම්වලින් පවසන්නේ එස්.එම් 102 යනු කෘත්‍රිමව නිපදවන ලද ලිපිඩ වර්ගයක් බවය. මෙම ලිපිඩ වර්ගය එන්නතේ සක්‍රිය කොටස වන එම් ආර් එන් ඒ කොටසම සාර්ථකව ශරීර තුළට ඇතුළු කිරීමේ සහයකයකු ලෙසින් ක්‍රියාත්මක වෙයි. මෙම සංයෝගය සම්බන්ධයෙන් තවත් විවිධ කට කතාද පැතිරිණි.

මොඩර්නා එන්නතේ පමණක් අඩංගුව වන මේ අද්භූත සංයෝගය කිසිසේත් විෂදායක එකක් නොවන බව සහතික කර ඇත. ඇමෙරිකාවේ නිල වශයෙන් පවතින රසායනික සංයෝගවල විෂ පිළිබඳ ලේඛන සහ ග්‍රන්ථ කිසිවක එය විෂ සහිත හෝ අනතුරුදායක එකක් ලෙස සඳහන් වන්නේ නැත. එම ලිපිඩමය සංයෝගය ඖෂධවලට මුසු කිරීම සඳහා ආරක්ෂිත සංයෝගයක් ලෙස කෘත්‍රිමව නිපදවනු ලැබ ඇත.

මිනිස්සු විද්‍යාවට වඩා අවිද්‍යාව ප්‍රිය කරති. ඔවුහු අද්භූද දේ සිදුවී අද්භූද ලෝකයකට ඇද වැටීමේ අද්භූද මානසිකත්වය වින්දනය කරති. ඉන් ආශක්තක වනවිට ඒ මෝහනයෙන් මිදෙන්නට අකමැති වෙති. බටහිරටත් වඩා දකුණු ආසියානුවන් මේ වින්දනයට සමීපය. නුවරදී අපට පෙනෙන්නේ ඒ වින්දනයේ මිහිරය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හබරාදූවේ පන්සලක හිමිවරු 17කට කොරෝානා

Next Post

රිෂාද් ඇමති සමයේ නිල නිවසේදී මෙහෙකාරියක් දූෂණය වෙලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.