ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන 23 දා කැඳවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සර්ව පාක්ෂික සමුළුවේ දී රට මුහුණ පා ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරගැනීමට නියමිතය.
රටේ උද්ගතව තිබෙන ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා වෙත කරන ලද යෝජනාවට අනුව මෙය කැඳවීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන ඇත.







