ලබන සෙනසුරාදා වන විට පෝලිම් නොමැතිව පිරවුම්හල්වලින් තෙල් ලබා ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නැව් සම්බන්ධයෙන්ද හෙතෙම මේ කරුණු දැක්වීය.
“මේ මොහොත වන විට අපි ගාව තෙල් ටොන් 20,000 ක් අපේ ගබඩාවල්වල තියෙනවා. තවත් තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න පටන් ගන්නවා. ඒ නිසා තෙල් බෙදා හැරීම ගිය සෙනසුරාදා අපි පටන් ගත්තා ඉරිදත් තෙල් බෙදා හැරීම කලා. මේ මොහොත වෙනකොට සෑම නගරයකම බෙදුම්හල් වලට පෙට්‍රල් ඩීසල් ලබල දීලා තියනවා. පෙට්‍රල් නම් හුඟාක් ෂෙඩවල තියනව. ඩීසල් පිළිබඳ පොඩි පෝලිමක් තියෙනවා. දැන් මං එනකොටත් මේ අහල පහල ෂෙඩ්වල බලන් ආවේ දිග පෝලිමක් නෑ. වාහන තුන හතරක පෝලිමක් තියෙනවා.
මං විශ්වාස කරනවා අපි මේ යන වැඩපිළිවෙළ සාර්ථක උනාම ලබන සෙනසුරාදා වෙනකොට අපේ පිරහුම්හල්වල පෝලිමක් නැතුව තෙල් ගන්න පුලුවන් තත්වයට පත් කරන්න පුළුවන් කියලා.
ඒ එකම විදුලිබල අමාත්‍යාංශයටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න ඕනකරන ඩීසල් දැවිතෙල් අපි ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩුකරන්න පුළුවන් වෙයි.
ලබන සදුදා, අඟහරුවාදා වන විට රට යථා තත්ත්වයට පත්කිරීමට විදුලිය හා ඛණිජ තෙල්වලින් හැකියාව ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශයේ ඉතාමත් ශක්තිමත් සහයෝගයක් දෙනවා. තෙල් නමක් ආවහම ඒ නැව නිදහස් කරනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ refinery එක දැන් අඩු ධාරිතාවක ක්‍රියාත්මක වෙන්නේ ඒක සීයට සීයක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන crude oil ලබාගැනීම සඳහා මේ මොහොත වන විටත් සමාගම් කීපයක් අපිත් එක්ක සාකච්ඡා කළා. ටොන් 40000, 90000 නැව් කීපයක් දෙන්න, එක නැවක් අපි එල්සී අරින්නත් කටයුත කරලා තියෙනවා. යම් යම් කොන්දේසි ගැන සාකච්ඡාවක් තියෙනවා එක අද හවස කතා කරනවා. ඊට අමතරව 90000 ගානෙත් නැව් දෙකක් ගෙන්න ගන්න අපි කතා කරලා තියනවා.
ඊට අමතරව මාර්තු 15 පහු වෙනකොට අපිට ඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් පෙට්‍රල් ගුවන්යානා තෙල් නැව් 7-8 ක් අපිට එන්න තියනවා. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇණවුම් කරපු ප්‍රමාණයේ පොඩි අඩුවක් වෙනවා. මොකද ලෝක වෙළඳපොලේ බොරතෙල් බර්නට් කියන වර්ගයේ බොරතෙල් බැරල් එකක් ඩොලර් 230ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද අපි ගොඩබාන තෙල් නමට මුලින් අපේ ඇස්තමේන්තු කළේ ඩොලර් මිලියන 32යි. දැන් අද අපි බලනකොට සිංගප්පූරු මිලත් එක්ක සංසන්දනය කරනකොට අපිට ඩොලර් මිලියන 52ක් යනවා. ඉතිං විශාල වැඩිවීමක්. අපිට ඩීසල් ගැලුමකට රුපියල් 81ක් විතර පාඩු වෙනවා. අනෙක් හැම ඉන්ධනකින්මත් පාඩු වෙනවා. අපි වැඩි කිරීමක් ගැන කල්පනා කරන්නෙ නෑ. රටේ ජනතාවට උවමනා කරන තෙල් ටික ලබා දීමේ කටයුත්ත අපි කරන්නේ. අපිට මේ සතිය පහුවෙනකොට ප්‍රශ්නයක් නැතුව ජනතාවට ඒවා ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්.”







