හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.
එම කාලසීමාව තුළ මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙස ද අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
පාස්කු ප්‍රහාරයට අදාලව තමන්ට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගය සඳහා අද උදෑසන හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට පැමිණ තිබිණි.
නියෝගය නිකුත් කරන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ද එතැන සිටියේය..







