දශක ගණනාවක දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මහජන නොසන්සුන්තාව වර්ධනය වන බැවින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනයන් “ඉතා සමීපව” නිරීක්ෂණය කරන බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසයි.
නොසාකි මේ බව පවසා ඇත්තේ රොයිටර් පුවත් සේවයට ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික අර්බුදය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමිනි.
අලුතින් පත් කරනු ලබන මුදල් අමාත්‍යවරයා මේ මස අගදී සිදුකරන වොෂින්ටන් සංචාරයේ දී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල කාර්යමණ්ඩලය බලාපොරොත්තු වනබව ඇය පවසා ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට එක්වන්නේ නව මුදල් ඇමතිවරයෙක්, භාණ්ඩාගාර ලේකම්වරයෙක් මෙන්ම මහබැංකු අධිපතිවරයෙක් පත්වුණු වටපිටාවකය.







