මෙතෙක් ආරක්ෂකයින් 02 ක් පමණක් සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරු 60 දෙනෙකු ට තවත් එක් ආරක්ෂකයකු බැගින් ලබැ දීමට වහාම පියයර ගෙන ඇත. මේ අතර පසුගියදා ඉල්ලා අස්වූ ඇතැම් අමාත්‍යවරුන් සිය ආරක්ෂකයින්ට ටී 56 අවි ලබාදෙන ලෙසට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද තොරතුරු අනාවරණය කළේය. මේ වන විට ඇමති ආරක්ෂකයින්ට ලබාදී ඇත්තේ පැති අවි පමණි. ටී 56 ඉල්ලා කළ ඉල්ලීම ඇමති ආරක්ෂක අංශය විසින් ප්‍රතික්ෂේපකර ඇති බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.







